― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසීනි කරිඤ්ඤං අල්ලන්න හැදූ නීති දැන් කාලෙට හරියන්නේ නැහැ - රංජිත් සියඹලාපිටිය

සීනි කරිඤ්ඤං අල්ලන්න හැදූ නීති දැන් කාලෙට හරියන්නේ නැහැ – රංජිත් සියඹලාපිටිය

සීනි කරිඤ්ඤං අල්ලන්න හැදූ නීති මේ යුගයට හරියන්නේ නැති බවත් මධ්‍යසාර සහ දුම්වැටි මත බදු පැනවීමේ රජයේ අරමුණ වන්නේ භාවිතය අවම කිරීම මිස බදු ආදායම ඉහළ නංවා ගැනීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සුරා බද්ද යනු මග පෙන්වීම සඳහා යොදා ගන්නා බද්දක් මිස හුදු රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් පැනවූවක් නොවන බවයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අවහන්හල් වෙත මෘදු මත්පැත් අවසර පත්‍ර ප්‍රදානය සඳහා සංචාරක අමාත්‍යාංශයේ අද (07) පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“අපි දන්නව අද අපි ඉන්නේ ආර්ථික අභියෝගයක් හමුවේ. ඉස්සර අපි කිවුවෙ ඉදිරි මාස කිහිපයක් සඳහා අපට අවශ්‍ය ඩොලර් සංචිත තියෙනව කියල. නමුත් ඇත්තට ම අද අපට තියෙන්නෙ ඩොලර් බිලියන 1.8ක් විතර. ඒකෙනුත් භාවිත කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 300ක් වගේ ප්‍රමාණයක් තියෙන්නෙ.

මම සංඛ්‍යා ලේඛන ටිකක් කියන්නම් අපි අද ඉන්න තත්ත්වය තේරුම් ගන්න. 2018 දී අපේ සංචාරක පැමිණීම 2,333,769ක්. ආදායම ඩොලර් මිලියන 3,925යි. 2019 දී සංචාරක පැමිණීම 1,913,702යි. ආදායම ඩොලර් මිලියන 4,381යි. 2020 දී ගැටලු රාශියක් මධ්‍යයේ සංචාරක පැමිණීම සටහන් වෙන්නෙ 570,704ක් විදියට. ආදායම ඩොලර් මිලියන 3,607යි. 2021දී නැවතත් එය 194,495 දක්වා පහළ ගියා. ආදායම දැක්වුණේ ඩොලර් මිලියන 682ක් විදියට.

මේ අවුරුද්දෙ අගෝස්තු 31 වෙද්දි යම් ප්‍රගතියක් ලබමින් 496,430ක් සංචාරකයන් ඇවිත් තියෙනවා. ආදායම ඩොලර් මිලියන 893ක් ලැබිල තියෙනවා. සුරාව පාලනය කිරීමේ පැත්තේන් අපි නව නීති රාශියක් ගේන්න යන්නෙ. මම පසුගිය දවසේ සුරා බදු දෙපාර්තමේන්තු සංචාරයේදීත් මට දැන ගන්න ලැබුණ අපේ තියෙන නීති යාවත්කාලීන මදි කියන කාරණාව. අපේ සමහර නීති තාමත් අවුරුදු 60කට 70කට කලින් සීනි කරිඤ්ඤං අල්ලන හදපු ඒව. දැන් සුරා බදු නිලධාරීන්ට හැප්පෙන්න වෙලා තියෙන්නෙ ඊසි කෑෂ්වලින් ගනුදෙනු කරන අයත් එක්ක. ඒවට නීති අලුතෙන් ගේනවා.”