27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාප නායකයාගේ ප්‍රකාශය අධ්‍යයනය කර හමුදාපති කතා කළා නම් වටිනවා

එජාප නායකයාගේ ප්‍රකාශය අධ්‍යයනය කර හමුදාපති කතා කළා නම් වටිනවා

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පෙර හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම ප්‍රකාශය අධ්‍යනය කළේ නම් වටිනා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේපිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශයෙන් කොරෝනා මර්දනයට පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බළකායේ වැඩ කටයුතු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ මූලිකත්වයෙන් සිදු කළ යුතු බව අදහස් කළ විනා හමුදාව සිදු කරන කාර්ය අඩු තක්සේරුවට ලක් කිරීමක් සිදු කළේ නෑ.

පසුගිය 08 වැනිදා සිදු කළ ප්‍රකාශයෙනුත් ඊට පෙර පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදීත් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශවලින් කොරෝනා මර්දනයට කළ යුතු දේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. හමුදාව විසින් සිදු කරන එන්නත්කරණ ක්‍රියාවලිය විවේචනය කිරීම හෝ එයට අප්‍රසාදය පළ කිරීම හෝ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විවේචනය කිරීමේ අදහසින් හෝ වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශ සිදු කළේ නෑ.”

ශිරෝමි අබයසිංහ