― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨාභයගේ වැරදි ආර්ථික උපදෙස් නිසා රටේ ආර්ථිකය කඩාවැටුණා - විජයදාස රාජපක්ෂ

ගෝඨාභයගේ වැරදි ආර්ථික උපදෙස් නිසා රටේ ආර්ථිකය කඩාවැටුණා – විජයදාස රාජපක්ෂ

ඍජු බදු අයකිරීම් වැඩි කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දැම්මත් නොදැම්මත් කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම සඳහා මෙරට බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු විය යුතු බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) අධිකරණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

2019 වන විට පැවති රජය ඉහළ ආදායම්ලාභීන්ගෙන් බදු අයකර ගැනීමේ බදු ප්‍රතිපත්තියක් සකස් කර තිබුණද එය එකවරම හිටපු ජනාධිපතිවරයා විසින් වෙනස් කිරීම තුළින් රටේ අර්බුදයක් නිර්මාණය වූ බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

හිටපු ජනපතිවරයා වැරදි ආර්ථික උපදෙස් දෙමින් නොමඟ යැවීමක් නිසා එය සිදු වූ බවත් ඇමැතිවරයා පැවසීය. තමන්ට ඒ වන විට බදු ෆයිල් හතරක් තිබූ බවත් පැවසූ ඇමැතිවරයා බදු ගෙවීමට සුදුසුකම් නොමැති බව පවසමින් රජය බදු ෆයිල් තුනක්ම වසා දැමීමට ක්‍රියාකර තිබූ බව පැවසීය. නමුත් තමන් හෝ වෙනත් අයකු බදු ගෙවීමට නොහැකි යැයි කියා හෝ සහන දෙන ලෙසට ඉල්ලීමක් කර නොතිබූ බවත් කිසිදිනක බදු ගෙවීමට නොහැකි බවට පවසා නොමැති බවත් පැවසීය.

රජයේ ඉදිරි ආර්ථික දැක්ම අනුව අඩු ආදායම් තියෙන අයට වඩා වැඩි ආදායම් තිබෙන අයගෙන් බදු අයකර ගැනීමට ජනතා සහාය බලාපොරොත්තු වන බව පැවසූ ඇමතිවරයා බදු ප්‍රතිපත්තිය පිළිබඳව මාධ්‍ය‍ෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද පැවසීය.

පසුගිය අවුරුදු තුන තුළ මෙරට රාජ්‍ය බදු ආදායම ශීඝ්‍ර‍ෙයන් පහළ ගියා ඒක ඇත්ත. දළ වශයෙන් එක් අවුරුද්දකට රුපියල් බිලියන 600ක් රජයට බදු ආදායම් අහිමි වුණා. එතකොට රුපියල් බිලියන 1800ක් අහිමිව තිබෙනවා. රජයේ වාර්ෂික බදු ආදායමෙන් තුනෙන් එකක් අහිමි වුණා. එහෙමනම් අහිමිවුණු ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට රටේ බදු ආදායමේ වැඩි කිරීමක් කළ යුතුයි. එකවර ඉහළ බදු ප්‍රතිශතයක් නියම කරන්න ගියොත් රටේ ප්‍රශ්න ඇති වෙනවා. කිසිදු රජයක් බදු වැඩි කිරීම කැමැත්තෙන් කරන දෙයක් නොවෙයි. වක්‍ර බදු වැඩි කළොත් භාණ්ඩ මිල වැඩිවෙනවා. ඒ නිසා ඍජු බදුවලට යන්න වෙනවා.

අනෙක් කරුණු තමයි අපේ අපනයනවලින් සියයට හැත්තෑවක් පමණ යන්නේ ඇමරිකාව වගේ රටවලට‍. ජී. එස්. පී. සහනය අපට ලැබී තිබෙන්නේ ඇමරිකාවෙන් හා යුරෝපයෙන්. ඒවා අපිට අහිමි වුණොත් රට බරපතළ තත්ත්වයකට පත්වෙනවා. 2011 හා 2012 කාලවලදී ආණ්ඩුවේ ක්‍රියා නිසා අපිට ජී.එස්.පී අහිමි වුණා. 2015දී මේ රටේ නීති සංශෝධනය කරලා ප්‍රතිසංස්කරණ කරලා, තොරතුරු දැනගැනීමේ පනත ගෙනල්ලා, 19 සංශෝධනය මගින් ප්‍රසම්පාදන කොමිෂන් සභා, විගණන කොමිෂන් සභා පිහිටුවලා ලොකු ප්‍රතිසංස්කරණ ගෙනල්ල ජී.එස්. පී. ගත්තා. එය අහිමි කරගන්නේ නැතුව වැඩ කටයුතු කළ යුතුයි. අයි.එම්. එෆ්. එක කිව්වත් නැතත් අපි අපේ රට ගොඩ ගන්න බදු ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුයි.