― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජය කොවිඩ් එන්නත්කරණය සන්දර්ශනයක් කරගෙන නෑ

රජය කොවිඩ් එන්නත්කරණය සන්දර්ශනයක් කරගෙන නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර

රජය කොවිඩ් රෝගය වැළැක්වීමේ එන්නත්කරණ වැඩපිළිවෙළ සංදර්ශනයක් කරගෙන නැමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (09) බත්තරමුල්ල සමෘද්ධි ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“කොවිඩ් රෝගය හමුවේ අපේ රට බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දී සිටිනවා. එම ගැටලු මධ්‍යයේත් ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් රජය කරමින් සිටිනවා. සමෘද්ධි නිලධාරීන්ගේ පූර්ණ සහාය කොවිඩ් මැඬලීමේ ක්‍රියාවලියට නිරන්තරයෙන් දෙනවා. මේ දුෂ්කර අවස්ථාවේ විපක්ෂයේ පිරිස් රජයට බොරු චෝදනා කරනවා. රජය වෘත්තීය අරගල මර්දනය කිරීමට කටයුතු කරන්නේ නෑ. දරුණු වසංගතයක් පවතින අවස්ථාවකදී උද්ඝෝෂණ පැවැත්වීම ගැටලු සහගතයි.”

උපාලි කරුණාරත්න