30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිල්ලියේ මහඇමතිටත් කොරෝනා

දිල්ලියේ මහඇමතිටත් කොරෝනා

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවේ නව දේශපාලන බලවේගය වන ආම් ආද්මි පක්ෂයේ නායකයා වන කෙජ්රිවාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තමාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

පසුගිය දින කිහිපය තුළ තමා සමඟ කටයුතු කළ පුද්ගලයන්ට කොරෝනා පරීක්ෂාවන්ට ලක්වන ලෙසත් ඔහු එම ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දෙයි.

ඔමික්‍රොන් ප්‍රභේදයත් සමඟ දිල්ලි ප්‍රාන්තයේ නව කොරෝනා රැල්ලක් ඇති වී තිබෙන අතර ඊයේ දිනයේදී නව ආසාදිතයන් 4000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.