ප්‍රථම වරට ඇමරිකා එක්සත් ජනපදයේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ මිලියනය ඉක්මවීය.
මීට පෙර ඕනෑම කොරෝනා රැල්ලක උපරිම දෛනික ආසාදිත සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් ලෙස එය සැලකිය හැකියි. සෑම ඇමරිකානුවන් සිය දෙනෙකුගෙන් එක් අයෙකුටම කොරෝනා ආසාදනය වීමක් ගත වූ සතියේදී දක්නට ලැබී ඇත.
මේ අතර නව කොරෝනා රැල්ලට මුහුණ දිය යුතු ආකාරය පිළිබදව ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපතිනී කමලා හැරිස් අද (04) ධවල මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්ද කැදවා තිබෙනවා.