26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජපක්ෂ පවුල එකතු වී හොරකම් කර රටම බංකොලොත් කළා - චන්ද්‍රිකා කුමාරතුංග

රාජපක්ෂ පවුල එකතු වී හොරකම් කර රටම බංකොලොත් කළා – චන්ද්‍රිකා කුමාරතුංග

රාජපක්ෂ පවුල එකතු වී ඩොලර් බිලියන 15ක් හොරකම් කොට රටම බංකොලොත් කළ බවත් බෝංචි ඇටයක් තරම්වත් මොළයක් තියෙන නායකයෙක් මෙතරම් පොළියකට රාජ්‍ය ණයක් නොගන්නා බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ යූටියුබ් නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පැවසුවාය.

පාලකයෝ දුර්වල නම්, හරියට ආර්ථිකය මෙහෙයවන්නේ නැත්නම්, හරියට රට පාලනය කරන්නේ නැත්නම් හරි පහසුවෙන් රටේ ආර්ථිකට බංකොලොත් වෙන්න පුළුවන්. ලෝකේ රටවල් ගණනාවක් එහෙම බංකොලොත් වෙලා තියෙනවා, හැබැටි මෙහෙම අතේ සතේ නැතිවෙන්න තරම් බංකොලොත් වෙච්ච රටක් නම් මං අහලා දැකලා නෑ. මම 2005දී මහින්ද රාජපක්ෂට ආණ්ඩුව බාරදීපු වෙලාවේ මම බලයට එන්න කලින් තිබ්බට වඩා රටේ විවිධ අංශ දියුණු කරලයි දුන්නේ. මගේ කාලේ මං රාජ්‍ය ණය ගත්තේ 1%ක පොළියකට. ඒත් මහින්ද රාජපක්ෂ ණය ගත්තේ 6% – 9% පොළික්යකට. බෝංචි ඇටයක් තරම්වත් මොළයක් තියෙන නායකයෙක් එච්චර පොළියකට රාජ්‍ය ණයක් ගන්නෑ. ඒ ණයවලින් 2% – 3%ක් එයාලගේ සාක්කුවට ගියා. රුපියල් බිලියන 09ක් පාඩු කළා එයා බලයට පත්වෙලා වසර 4ක් යද්දි.