― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රීඩකයින්ගේ හැසිරීම ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි

ක්‍රීඩකයින්ගේ හැසිරීම ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් හරහා පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරග සංචාරය පිළිබඳ කරුණු විමසීමට ක්‍රිකට් නායක, ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායමේ කළමනාකරු ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවූ අවස්ථාවේදීය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් ඉදිරියේ ඔවුන් එහිදී කරුණු දක්වා තිබේ.