සීඝ්රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයට සහ මුම්බායි නගරයට ඇඳිරිනීතිය පනවා තිබේ.
ඊයේ (04) එරටින් නව කොවිඩ් ආසාදිතයින් 37,379 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය සතියක් තුළ පස් ගුණයක ඉහළයාමක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එම නව ආසාදිතයින්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ දිල්ලි සහ මුම්බායි නගරවලින් බව වාර්තා වේ.