30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණේ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක

දකුණේ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක

දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
රජයේ වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසුවේ අද උදෑසන 7 සිට හෙට උදෑසන 7 දක්වා වර්ජනය ක්‍රියාත්මක බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර සහ හම්බන්තොට මහ රෝහල්, රේඛීය අමාත්‍යංශ පාලනය යටතේ ඇති ආයතන, දකුණු පළාතට අයත් මූලික රෝහල් 09ක්, සියලු ප්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 47ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වර්ජනයට එක්ව සිටියි.