― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalමැතිවරණයකට අපේ පක්ෂපාතීත්වය තියෙන්නෙ අරගලයේ දේශපාලනය ඊට සම්බන්ධ කිරීම ඇතුලේ විතරයි

මැතිවරණයකට අපේ පක්ෂපාතීත්වය තියෙන්නෙ අරගලයේ දේශපාලනය ඊට සම්බන්ධ කිරීම ඇතුලේ විතරයි

මැතිවරණයකට අපේ පක්ෂපාතීත්වය තියෙන්නෙ අරගලයේ දේශපාලනය ඊට සම්බන්ධ කිරීම ඇතුලේ විතරක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්න මහතා පවසයි.

අද 16 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කුමාර් ගුණරත්න මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්න

ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම සඳහා උත්සාහයක් ගන මින් ඉන්නවා මේ පාලකයෝ. මේක රනිල් වික්‍රමසිංහගේ රාජපක්ෂ කල්ලියේ  පොදුජන පෙරමුණු ආණ්ඩුවේ නොහැකියාවේ ප්‍රශ්නයක්.

කවට රනිල්ගේ නිවට මර්දනය දිග කාලයකට යන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වට්ටෝරුවට අනුව සකස් කරපු අයවැයක් ඉදිරිපත් කරලා තියෙන තත්ත්වයක් තියෙන්නේ.

 ආර්ථික අර්බුදයට පිළියම් හොයන්න විදෙස් වහල් සේවය උනන්දු කරන ගමන් රටේ ඉන්න බුද්ධිමත් යම්කිසි නිපුනතාවයක් සහිත සියලු දෙනාටම විදෙස්ගත වෙන්න බල කරලා තියෙන තත්ත්වයක්. ආර්ථික අර්බුදයට මේගොල්ලන්ට පිළියම් නැහැ.

 පහුගිය දශක හතර හමාරක කාලයක් තුළ විවෘත ආර්ථිකය රනිල් ගේ මාම වෙච්ච ජේ ආර් ගෙනාපු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ම තමයි මේගොල්ලෝ මේ අවුරුදු 45 පුරාම  පාලක පක්ෂ පහුගිය කාලේ අනුගමනය කළේ.

 විවිධ දේශපාලන පක්ෂ නායකයෝ මැතිවරණයක් ඉල්ලනවා. ඔවුන් කියනවා මැතිවරණයකින් මේ ප්‍රශ්න සියල්ල විසඳෙනවා කියලා. පහුගිය කාලේ පුරාම විවිධ ආණ්ඩු විවිධ ආණ්ඩුවලට සහය දුන්න කණ්ඩායම් මැතිවරණයක් ඉල්ලුවාට මැතිවරණයක් පැවැත් වූ පමණින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.

 නමුත් අපි දන්නවා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍යයි මැතිවරණයක් පවත්වනවා නම් ඉතා නිශ්චිතවම ජනතාවාදී ව්‍යවස්ථාවක් සඳහා ජනමතවිචාරණය කුත් මේ මැතිවරණයක් එක්ක ඒකාබද්ධ කරමින් පැවැත්විය යුතුයි කියන එක අ පේ නිශ්චිත යෝජනාවක්.

 රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණ මැතිවරණයකට ලෑස්ති නැහැ ඔවුන් මැතිවරණ කල් දාන්න හදනවා.

පහුගිය කාලයක් තිස්සේ මේ රටේ ජනතාව කරන ලද දැවැන්ත උද්ඝෝෂණ වල ප්‍රතිඵල අරගලයක ප්‍රතිඵල මහජන නැගිටීමක ප්‍ර  රතිඵලයක් ලෙස තමයි මේ තියෙන දේශපාලන තත්වය මේ තත්ත්වයට වර්ධනය වෙලා තියෙන්නේ.

 අරගලයේ ඇතුලේ සියලුම දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ට නොවුනාට අරගලය විසින්  ඇතිකරපු බරපතළ වෙනස්කම් සමාජයේ තියෙනවා.

 නව ව්‍යවස්ථාවක් සම්බන්ධ කතිකාව හැමදෙනාම කියනවා. විධායක ජනාධිපති ධූරය මුළුමනින්ම අහෝසි කරන  අසාධාරණ මැතිවරණ ක්‍රමය සහමුලින්ම වෙනස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කරන්න පුළුවන්.

 අරගල කරුවන් විශාල පිරිසක් අත්අඩංගුවේ ඉන්නවා ඔවුන්ට එරෙහිව ව්‍යාජ චෝදනා නඩු විභාග කෙරෙමන් පැවතෙනවා.

 ශිෂ්‍ය ව්‍යාපාරය මේකට නායකත්වය දුන්න අය අත්අඩංගුවට අරගෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් පාවිච්චි කරමින් අත් අඩංගුවේ තබා ගෙන වධ බන්ධනයට ලක් කරලා තියෙනවා.

 අරගලයේ විවිධ පසුබැසීම් තියෙනවා ඉදිරියට ඒම තියෙනවා. මැතිවරණයකට අපේ පක්ෂපාතීත්වය තියෙන්නෙ අරගලයේ දේශපාලනය ඊට සම්බන්ධ කිරීම ඇතුලේ විතරයි.

 ගෝල්ෆේස් ප්‍රකාශනයේ ඉදිරිපත් වෙච්ච දේශපාලන හරය මහජන කවුන්සිල සම්බන්ධ යෝජනා  පක්ෂපාතිත්වය අපි දැක්වුවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරද්දී අපිට හැමදාම කියලා තිබුණා බල කුළුණු තුනක්. විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය වැනි බල කුළුණ ගැන කිව්වා.

 නව ජන බල කුලුනක ප්‍රවේශය අපි දැක්කා. කෙනෙක් හිතෙනවා වෙන්න පුළුවන් දැන් මේක සක්‍රීයව නෑ කියලා. පවත්නා දේශපාලන තත්ත්වය එක්ක ඒක සක්‍රීය වීමේ සෑම අතින්ම ඉඩකඩ විවර වෙලා තියෙනවා.