27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙනස් වසර දෙකක උපන් නිවුන්නු

වෙනස් වසර දෙකක උපන් නිවුන්නු

අමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කාන්තාවක බිහි කළ නිවුන් බිළිඳුන් දෙදෙනාගේ උපන් දිනය වර්ෂ දෙකක යෙදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නිවුන් බිළිඳුන් දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමි දරුවෙකු වන අතර අනෙක් දරුවා ගැහැණු දරුවෙකි.

පිරිමි දරුවාට ඇල්ෆ්‍රෙඩෝ ඇන්ටෝනියෝ ටෘජිලෝ ලෙස නම් තබා ඇති අතර ඔහු උපත ලබා ඇත්තේ 2021 වසරේ දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී 11.45ටය.

ගැහැණු දරුවාට අයිලින් යොලන්ඩා ලෙස නම් තබා තබා තිබේ. පිරිමි දරුවා උපත ලබා විනාඩි 15කට පසු එනම්, 2022 වසරේ ජනවාරි 1 වැනිදා උපත ලබා ඇති බව විදේස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම සිද්ධිය තමාට පුදුමසහගත සහ සතුටුදායක සිදුවීමක් බව දරු දෙදෙනාගේ මව වන ෆාතිමා මැඩ්‍රිගාල් ප්‍රකාශ කර තිබේ..