මැතිවරණයකදී යම් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන අතර එම මුදල් ප්‍රමාණය ඉක්මවා වියදම් කර ඇති නම් අපේක්ෂකයාගේ මන්ත්‍රී ධූරය අහිමි වීමට ඉඩ කඩ ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.