31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගලෙන්බිඳුණුවැව OICගේ බිරිඳ නිවසට හොරෙන් විදුලිය අරන්

ගලෙන්බිඳුණුවැව OICගේ බිරිඳ නිවසට හොරෙන් විදුලිය අරන්

අනවසරයෙන් නිවසකට විදුලිය ලබාගැනීමක් සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව – සිවලාකුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කැකිරාව විදුලිබල මණ්ඩලයේ වැටලීම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී අනවසර විදුලිය ලබාගැනීමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කාන්තාවක් එම නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර පසුව ඇය පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

47 හැවිරිදි අදාළ කාන්තාව අද (22) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.