― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොරෝනාවෙන් වගේම ආණ්ඩුවෙනුත් ආරක්ෂා වෙන්න වෙලා!

කොරෝනාවෙන් වගේම ආණ්ඩුවෙනුත් ආරක්ෂා වෙන්න වෙලා!

සජිත් ප්‍රේමදාස

පවතින තත්ත්වය හමුවේ ජනතාවට කොරෝනාවෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පුරවැසි ජීවිත සමඟ කරනු ලබන සෙල්ලම පසෙකින් තබා, පවත්නා තත්ත්වයේ බරපතළකම වටහා ගෙන ජනතාවාදි ක්‍රියා පිළිවෙතකට මාරු වීම ආණ්ඩුව වහාම කළ යුතු බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“මේ වන විට කිසිදු පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ. බරපතළ වෙළෙඳ මාෆියාවක් ක්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටී. බඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය වී ඇති අතර, ඒ සියල්ල පරයමින් මාෆියාව හිස ඔසවා ඇත.

පෝෂණ ද්‍රව්‍යවල විශාල හිඟකමත් වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන අතර, විශේෂයෙන්ම කුඩා දරුවන්, ගැබිනි කාන්තාවන් මේ තුළින් බරපතළ පෝෂණ ඌනතාවකට මුහුණ දී සිටී.

ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බවට පත්ව ඇති අතර, එයින් ගනු ලබන කිසිදු ජනතාවාදි තීන්දුවක් මහපොළොව තුළ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් දක්නට නැහැ” යැයිද එහි සඳහන් වේ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්