26.7 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජාත්‍යන්තර අතපෙවීම්වලින් අපේ රට සංවිධානාත්මකව වැට්ටුවා - මහින්ද රාජපක්ෂ

ජාත්‍යන්තර අතපෙවීම්වලින් අපේ රට සංවිධානාත්මකව වැට්ටුවා – මහින්ද රාජපක්ෂ

ජාත්‍යන්තර අතපෙවීම් මත නැටවෙන පිරිසක් සංවිධානාත්මකව රට වැට්ටූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මොන ආර්ථික අභියෝගයක් යටතේ වුවත් අපේ රටේ සම්පත් විකුණන එක අපේ ප්‍රතිපත්තිය නොවන බව මා සෑම විටම ඔබට සිහිපත් කරන්නට කැමතියි. පසුගිය කාලයේ මේ රටේ අර්බුද ඇති කරන්න අයට උදව් කරපු අය කවුදැයි ජනතාවට නිරාවරණය වී ඉවරයි. තවත් බොහෝ දේ ජනතාවට ඉදිරියේදී දැනගැනීමට ලැබෙයි. මා කීමට අවශ්‍ය නැත. අපේ රටට නැගීටීමට අවස්ථාව නොදෙන, දේශීය විදේශීය බලවේග තාමත් ක්‍රියාත්මකයි. එනිසාම මේ රටට මෙතරම් ජාත්‍යන්තර අතපෙවීම් වැඩි වී තිබේ. ඒ අයගේ රූකඩ තමයි පසුගිය කාලයේ නැටවුණේ. එය සංවිධානාත්මකවයි මේ රට වැට්ටුවේ. මේ දේ අපේ රටේ අවස්ථා දෙකකදී සිදුවී තිබෙනවා. අපේ රටේ ආර්ථිකයට වෙන්න තිබෙන ලොකුම විනාශය කළේත් ඒ අයයි. තේරුමක් නැති විදිහට විරෝධතා ඇති කරන්න උත්සහ කළා. මිනිසුන් එයට එකතු වී හූ කීවත් ජනතාවට කියන කිසිදෙයක් කුමක්ද යන්න වත් ඒ අයට තේරෙන්නෙ නෑ.