― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසිරිසේන හදන්නේ ශ්‍රීලනිපය රාජපක්ෂලාට උකස් කරන්න

සිරිසේන හදන්නේ ශ්‍රීලනිපය රාජපක්ෂලාට උකස් කරන්න

මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරඟ කරන මන්ත්‍රීවරුන්ට ජයග්‍රහණය කිරීමට ඉතා අසීරු කටයුත්තක් බවත් සිරිසේන හදන්නේ ශ්‍රීලනිපය රාජපක්ෂලාට උකස් කිරීමට බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසුවාය.

එනිසා ඔවුන්ට වෙනත් පක්ෂයක් අවශ්‍යව ඇති බවත් ඊට පහසුම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නාය.

ඒ අනුව පක්ෂයට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා පන්නා දමා පක්ෂයේ බලය අල්ලා ගැනීමේ සැලසුමක් තිබෙන බවත් විශේෂයෙන් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියහොත් එය සිදු කර ගැනීමට නොහැකි බව දන්නා බවත් ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂලාට ලබා දීමට කටයුතු කරන බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කළාය.

රාජපක්ෂලාට එදා සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර රාජපක්ෂ නිදහස් පක්ෂය හදා ගැනීමේ සැලසුමක් තිබූ බවත් හොරකම් කරන, වැදගත් දේශපාලනයක් සිදු නොකරන, කකුල් දෙක අල්ලලා කකුල් ලෙවකන පිරිසක් සිටින පක්ෂයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් තිබූ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.