31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියෙක් දරුවාගේ පාසල ඉදිරිපිටදීම මවගේ දිවි තොර කරයි

පියෙක් දරුවාගේ පාසල ඉදිරිපිටදීම මවගේ දිවි තොර කරයි

පොල්පිතිගම – තල්පත්වැව විද්‍යාලය ආසන්නයේදී සැමියා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා සිය බිරිඳව ඝාතනය කර තිබෙනවා.

අදාළ කතාව සිය දරුවා පාසල වෙත රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී අද (24) පෙරවරුවේ මෙලෙස ඝාතනය ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දිනුෂිකා මධුෂානි තෙන්නකෝන් නමැති 32 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. ඝාතනය සිදුකළ සැකකාර සැමියා සහ ඝාතනයට ලක්වූ බිරිඳ විවාහයෙන් වෙන්වී සිටින අයවලුන් බවයි දැනගන්නට ලැබුණේ.

අපරාධය සිදුකළ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.