― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගහලා පැන්නුවත් පක්ෂය දාලා යන්නෑ - නිමල් සිරිපාල ද සිල්වා

ගහලා පැන්නුවත් පක්ෂය දාලා යන්නෑ – නිමල් සිරිපාල ද සිල්වා

ගහලා පැන්නුවත් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යන්නේ නැති බවත් ඊර්ෂ්‍යාව, කුහකකම හා හීනමානය පදනම් කරගෙන තවදුරටත් දේශපාලනය කළ නොහැකි බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රජයට සහය දක්වන කණ්ඩායම නියෝජනය කරන නවදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවයි.

තම කණ්ඩායම පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා පාක්ෂිකයා ආරක්ෂා කිරීමට සටනක් ගෙන යන බවත් මෙම දේශපාලන භූමිකාව ගෙනයන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ලෙස බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.