― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅවුරුදු 18න් පහළ දරුවන්ට එන්නත් දීම අනතුරුදායකයි

අවුරුදු 18න් පහළ දරුවන්ට එන්නත් දීම අනතුරුදායකයි

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කියති

කොවිඩ්වලට ප්‍රතිකාර කිරීමේදී දැනට භාවිත එන්නත් පිළිබඳ ස්ථිරසාර නිගමන තවමත් නැති පරිසරයක් තුළ අවුරුදු 18ට පහළ දරු පිරිසට එම එන්නත් දීම අනතුරුදායක බවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් ප්‍රකාශ කළහ.

සෝභිත නාහිමියන් එසේ ප්‍රකාශ කෙළේ ඇඹිලිපිටිය හිඟුරආර ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියන් මෙසේද පැවසීය.

එන්නත් කිරීමෙන් සිදු කරන්නේ ප්‍රතිජීවක බලය කෘතිම ලෙස ශරීරය තුළ ගණනය කිරීමයි. ඒ නිසා ස්වභාවික ප්‍රතිශක්තිය දුබල වීමට ඉඩ තිබේ. මෙය වැඩිහිටි අයට ප්‍රශ්නයක් නැහැ. නමුත් ජීවිතය ආරම්භ කළ ජාතියේ අනාගතයට වගකිව යුතු දරු පරපුරට එවන් අත්හදා බැලීම් සඳහා යොදා ගැනීම යෝග්‍ය වන්නේ නැහැ.

අප කළ යුත්තේ දරුවන් තුළ ස්වභාවික ප්‍රතිශක්ති කරණයට පරිසරයක් නිර්මාණය කිරීමයි. ඒ සදහා කඩිනමින් වස විස නැති ආහාරවලට ළමා පරපුර යොමු කළ යුතුයි. නිර්මාංස ආහාර වර්ග මේ සඳහා හොඳම පිළියමක් ලෙස පර්යේෂකයන් දක්වා තිබෙනවා. මේ නිසා සෞඛ්‍ය බලධාරීන් ළමා එන්නත් කිරීමේ කාර්යය පිළිබඳ මීට වඩා දුර දක්නා නුවණින් තීන්දු තීරණ ගතයුතුයි.

ඇඹිලිපිටිය සංචාරක