27.3 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රීලනිපය මීතොටමුල්ල කුණුකන්ද වගේ

ශ්‍රීලනිපය මීතොටමුල්ල කුණුකන්ද වගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකරාශි වූ සියලු සුළු පක්ෂ විනාශභාවයට පත් වෙමින් තිබෙන ඉතිහාසයක් ඇති පක්ෂයක් බවත් එම පක්ෂයෙන් ඉතා පරිසම් විය යුතු බව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (06) මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන රජයට නගන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීම්වලට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරලා පලක් නොමැති බවත් එය මීතොටමුල්ල කුණු කන්ද මෙන් තත්ත්වයට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ජනතා විමුක්ති පෙරමුණ මේ දවස්වල පොඩ්ඩක් චූන් වෙලා ඉන්නවා වගේ පේනවා. දේශපාලනඥයෝ කලකිරුණු වෙලාවට කියන කතාවක් තමයි ඉල්ලා අස් වෙනවා කියලා, හැබැයි ඉල්ලා අස්වුනු කෙනෙක් නැහැ. ගෙවල්වලත් පොඩි ප්‍රශ්නයක් ඇති උනහම දාලා යනවා කියනවා දික්කසාද වෙනවා කියනවා. හැබැයි දික්කසාද වෙන්නේ කීයෙන් කී දෙනාද?

රටේ තියන ගෝලීය වසංගතයක් එක්ක සමහරු ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙනවා කියලා කියනවා ඇති. හැබැයි මතක තියාගන්න ඡන්ද පෙට්ටිය ඇරලා බැලුවහම ඡන්ද වානා, ඡන්ද ඉල්ලෙ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වුණු සියලු පක්ෂ විනාශ කළා. 70 දශකයේ ආණ්ඩුවක් හදන්න වමේ පක්ෂ එක්තු උනා. ඊට පස්සේ ඒ පක්ෂ සියල්ල විනාශ වුණා. රටේ පැරණිම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වුණා. අවුරුදු කීයද ගියේ? එක්සත් ජාතික පක්ෂය නැතිවෙලාම ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්න ඒ වගේ පක්ෂයක්, අපි ප්‍රවේශම් විය යුතුයි මේ අය මෙතන ඉන්නකම්.”