24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු-විදුහල්පති ගැටලුව විසඳන්න ආණ්ඩුව සූදානම්

ගුරු-විදුහල්පති ගැටලුව විසඳන්න ආණ්ඩුව සූදානම්

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග

ගුරු විදුහල්පති ගැටලුවේ සැබෑ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව සූදානම් වුවද දේශපාලන වුවමනාවන් ඉෂ්ට කිරීමට නොහැකි බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

ගුරු විදුහල්පති වැටුප් විසමතාවට නිසි විසදුම් ලබා දෙන බවට වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී ජනතාවට දුන් පොරොන්දුවක් බව සිහිපත් කරන ඇමැතිවරයා වසර 24 පුරා පවතින මෙම ගැටලුව තවදුරටත් ගැටලුවක් නොවන ලෙස විසදුම් ලබාදීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි. ජනාධිපතිවරයාගේ ස්ථාවරය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම ඇමැති මණ්ඩල අනු කමිටුවෙන් සිදුවන බව පෙන්වා දෙන ඒ මහතා ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව සූදානම් බවද වසර විසිහතරක් පුරා පවතින මෙම ගැටලුවට නිසි විසඳුම් ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ ජනතාවට පොරොන්දු වූයේ වත්මන් ආණ්ඩුව බවද පෙන්වා දෙයි.

ලෝක පුරා වසංගත තත්ත්වයක් ඇති නොවුනා නම් මේ වනවිටත් ජනතාවට දුන් පොරොන්දු වැඩි ප්‍රමාණයක් ඉටු කරලා. මොන අපහසුතා මධ්‍යයේ වුවත් ලෝක වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම මෙන්ම ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට අදාළ සැබෑ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව සූදානම්.

මහින්ද අලුත්ගෙදර