32 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරුසියානු හමුදා කණ්ඩායම් කසකස්තානයේ සහයට

රුසියානු හමුදා කණ්ඩායම් කසකස්තානයේ සහයට

ජනාධිපති කසිම් ජොමාර්ට් ටොකායෙව් ගේ ඉල්ලීමක් අනුව රුසියානු හමුදා කණ්ඩායම් කසකස්තානයේ පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ද්‍රවමය පෙට්‍රෝලියම් ගෑස් එරට ජනතාව වාහන සඳහා බහුලව භාවිත කෙරෙන අතර ඒ සඳහා දී තිබූ සහනාධාරය ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමගම LPG මිල දෙගුණ විය. ඉන්ධන මිල වැඩිකිරීමට එරට බලධාරීන් ක්‍රියා කිරීමත් සමග රජයට එරෙහිව ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇරඹීය.

ආරම්භයේදී ඉන්ධන මිල ඊට ප්‍රධාන හේතුව ලෙස දැක්වුවද පසුව ඊට අනෙකුත් සමාජීය කරුණුද ඇතුළත් වීමත් සමග උද්ඝෝෂණ ප්‍රබල විය. උද්ඝෝෂණ පාලනයට හමුදාව යෙදවීමට ඒකාධිපති ජනාධිපතිවරයා තීරණය කළ අතර එම හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවිය.

ඒ හේතුවෙන් මේ වනවිට හමුදා භටයින් 18ක් සහ උද්ඝෝෂකයින් 12 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා පළවෙයි. එසේම මේ වනවිට උද්ඝෝෂකයින් 3,000කට ආසන්න ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බව කසක්ස්තාන ආරක්ෂක අංශ පවසයි.

හමුදා කණ්ඩායම් යැවීම සම්බන්ධයෙන් රුසියාව පැවසුවේ තම හමුදාව සාම සාධක හමුදාවක් ලෙස කටයුතු කරන බවයි. රුසියානු හමුදා භටයින් 2,500කට ආසන්න ගණනක් මේ වනවිට කසක්ස්තානයට ගොස් ඇති බව රුසියානු ආරක්ෂක බලධාරීන් පැවසීය.