29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalපාන් හිඟයක් අත ළඟ

පාන් හිඟයක් අත ළඟ

ඉදිරියේදී අනිවාර්යයෙන්ම පාන් හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන අනතුරු අඟවයි.

අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් පැවසුවේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් තිරිඟු පිටි සමාගම්වලින් බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි ලබා ගැනීමේදී ගැටලු මතුව ඇති බවයි.

මේ හේතුවෙන් බේකරි හිමියන් මහත් අපහසුතාවන්ට පත්ව ඇති බැවින් ඉදිරියේදී පෝලිම්වල හිඳ හෝ මිලදී ගැනීමට වෙළඳපොළේ පාන් නොපවතිනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

“ඉදිරියේදී අනිවාර්යයෙන් ම විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුලුවන්. අපි ඊයේ දිනයේදී පිටි සමාගම් එක්ක සාකච්ඡාවක් පැවැත් වූවා. ඒ ගොල්ලෝ කියන්නේ අපිට ඕනෑ තරම් පිටි දෙන්න පුලුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල. ඒ ගොල්ලන්ට අවශ්‍ය ඩොලර්වලින් 10% ලු ලැබෙන්නේ. ඉතින් මොකද කරන්නේ කියලා ඒ මිනිස්සු අහනවා.

රජයට කියනවා ඉතා ඉක්මනින් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පාන් පෝලිමේ ගිහිල්ලාවත් පාන් ගෙඩියක් ගන්න බැරි තත්ත්වයකට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිද්ධවෙනවා. බේකරි හිමියන් සියල්ලම කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. පිටි මිටියක් සොයාගන්න බැරි තත්ත්වයකට පත්ව තිබෙනවා.”