24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ ඔත්තු බැලූ කැනඩා ජාතිකයන්ට සිර දඬුවම්

චීනයේ ඔත්තු බැලූ කැනඩා ජාතිකයන්ට සිර දඬුවම්

චීනයේ ඔත්තු බැලීමේ චෝදනාව මත කැනේඩියානු ව්‍යාපාරිකයකුට වසර 11ක සිරදඬුවම් නියම විය. මයිකල් ස්පැවෝර් 2018 සිට රඳවාගෙන සිටින අතර ඔහුගේ හිතවත් හිටපු තානාපති නිලධාරියකු වන මයිකල් කොව්රිග් සමඟ අත්අඩංගුවට පත් විය. මේ තීරණය නිසා කැනඩාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික විරසකයක් ඇති වී තිබේ. චීන තාක්ෂණික දැවැන්තයෙකු වන හුවාවි හි ජ්‍යෙෂ්ඨ විධායක මෙන්ග් වැන්ෂෝ පිටුවහල් කිරීමේ උත්සාහයක් සමඟ මේ විරසකය ඇති විය. ස්පැරෝව් සහ කොව්රිජ් දේශපාලන කේවල් කිරීමේ උපකරණ ලෙස යොදා ගැනීම ගැන විචාරකයන් විවේචන එල්ල කර තිබේ. ඔත්තු බැලීමේ සහ රාජ්‍ය රහස් විදේශවලට ලබාදීමේ අපරාධය හේතුවෙන් වසර 11ක සිරදඬුවම් නියම කරන අතර යුවාන් 50,000ක් වටිනාකම ඇති පෞද්ගලික දේපොළ රාජසන්තක කරන අතර පිටුවහල් කිරීමට නියම කරන බව ඩැන්ඩොන්ග් අධිකරණය පැවැසීය.