30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතවත් මාරාන්තික වයිරසයක්

තවත් මාරාන්තික වයිරසයක්

අප්‍රිකාවෙන් වාර්තා වූ පළමු රෝගියා මරුට

ලොව ඉතා දුර්ලභ මාරාන්තික වයිරසයක් ලෙස සැලකෙන මර්බර්ග් නමැති වයිරසය ආසාදනය වීමෙන් බටහිර අප්‍රිකාවේ ගිනියා රාජ්‍යයේ රෝගියකු මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ තහවුරු කළේය. නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ප්‍රකාශය සිදු කළේය.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ඉබෝලා වයිසරයේ මුහුණුවරට වඩාත් සමාන මර්බර්ග් වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පළමු රෝගියා බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

එම රෝගියාගෙන් ගත් සාම්පලයට අනුව සිදු කළ පරීක්ෂණයේදී රක්තපාත උණ තත්වය මේ වයිසරයේ ප්‍රධානතම රෝග ලක්ෂණය බවට හඳුනාගෙන තිබේ. බටහිර අප්‍රිකාවේ ගිනියා රාජ්‍යයේ ඉබෝලා වයිරසය මුළුමනින්ම තුරන් කළ බවට ප්‍රකාශයක් නිකුත් කර තවමත් මාස දෙකකට වඩා නැත.

මේ වයිරසයේ මාරාන්තික බව 88%ක් දක්වා වර්ධනය වීමට ඉඩකඩ ඇති බව ද වාර්තා වන අතර, අප්‍රිකානු රටවල වැඩි වශයෙන් වර්ධනය වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

වසර 1967 දී පළමුවරට මර්බර්ග් වයිරසය හඳුනාගෙන තිබූ අතර, ජර්මනියේදී එම වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 31 දෙනකු වාර්තා වී තිබේ. අනතුරුව වරින් වර අප්‍රිකානු කලාපය ආශ්‍රිතව මර්බර්ග් වයිරසය ව්‍යාප්ත වූවද ආසාදිතයන්ගේ සංඛ්‍යාව දුසිමකට වඩා වැඩි නොවීය. ඉන් වැඩි දෙනකු එක් එන්නත් මාත්‍රාවකින් සුව කිරීමට ද හැකි වී තිබිණි.