― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආණ්ඩුව කැමැති නම් කොවිඩ් සටනට සහාය දෙනවා

ආණ්ඩුව කැමැති නම් කොවිඩ් සටනට සහාය දෙනවා

හෙක්ටර් අප්පුහාමි

කොවිඩ් මර්දන වැඩසටහන සඳහා ආණ්ඩුව අවස්ථාව දුන හොත් විපක්ෂයක් හැටියට ආණ්ඩුවට සහාය දීමට කටයුතු කරන බව සමඟි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සර්වපාක්ෂික සමුළුවක් කැඳවා එකම මේසයක වාඩි වී කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට වහාම කටයුතු කිරීම කාලෝචිත බව වෙන්නප්පුවේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එසේ කියා සිටියේය. ඔක්සිජන් හිඟයක් පවතින බැවින් ඔක්සිජන් ඇතුළු කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය උපකරණ විදෙස් රටවලින් ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමටද සූදානම් බව අප්පුහාමි මහතා අවධාරණය කළේය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

‘‘සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා අපි එකට වාඩි වෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට කටයුතු කරමු කියල අපි නිරන්තරයෙන් කිව්වා. ඊට අවස්ථාව දීමට ආණ්ඩුව කටයුතු කළේ නෑ. දැන් ආණ්ඩුව කළ යුත්තේ ඔය පවතින මානසිකත්වයෙන් මිදී මෙවැනි ව්‍යසනයක් පවතින මොහොතක සියලු පාර්ශ්ව එක්ව ඒ සඳහා විසඳුම් දීමට කටයුතු කරන්න ඕන. අද දිනෙන් දින වාර්තා වන මරණ සංඛ්‍යාව සහ වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. දැන් දෛනිකව මරණ 100 ඉක්ම වන තැනට ඇවිල්ලා තියෙන්නෙ. එහෙම නම් මීට කඩිනම් විසඳුමක් දෙන්න ඕන. අපි එකට වාඩි වෙලා රට බේරා ගමු. හැබැයි අපි පැහැදිලිව එකක් කියනවා ආණ්ඩුව තව දුරටත් මේ රට විනාශ කර ඊට පස්සේ අපිට වාඩි වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න අඬ ගහන්න එපා. ඒක අපි දැඩිව අවධාරණය කරනවා. එතකොට අපි සූදානම් නෑ උදව් කරන්න. ආණ්ඩුව හරි විදිහට මිනිස්සු ටික ජීවත් කරන්න ඔක්සිජන් ටික දෙන්න, ගෑස් ටික දෙන්න, මේ සියලු දේ දෙන්න ආණ්ඩුව සූදානම් නම් අපි සූදානම් මේ වෙලාවේ උදව් කරන්න මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන්.’’

මාරවිල සමූහ මිහිර විජේසේකර