30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඡන්දෙන් පස්සෙ කරපිංචා හපයක් වගේ අපිව විසි කළා

ඡන්දෙන් පස්සෙ කරපිංචා හපයක් වගේ අපිව විසි කළා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ඡන්දෙන් පසු තම මන්ත්‍රීවරුන් කරපිංචා හපයක් සේ විසිකර දැමූ බව මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ ක්ළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කෙරුණු ගිවිසුමේ කොන්දේසි කිසිවක් අද වනතුරු ඉටු කර නැතැයිද ඔහු එහිදී චෝදනා කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“මැතිනියගේ කාලෙදිවත් මෙහෙම ආහාර අහේනියක් තිබ්බේ නෑ.අද රටම අවුල් වෙලා. මිනිස්සු එදා මෙහෙම පෝලිම්වල කුණුහරුප කිව්වෙ නෑ. රටක් කරන්න නම් හොඳ කණ්ඩායමක් සිටිය යුතුයි.”