27.8 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිමල් ලන්සත් ඇමතිකම අත්හරියිද?

නිමල් ලන්සත් ඇමතිකම අත්හරියිද?

ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතුවක් වන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසයි. ජනතාව පෝලිම්වල රස්තියාදු වීම සිදු නොවිය යුතු දෙයක් බවද පවසන ඔහු එවන් දේ දැක දැක නොදැක්කා සේ සිටිය නොහැකි බව ප්‍රකාශ කරයි.

රජය විවේචනය කරන මැති ඇමතිවරුන් හරහා පිටවෙන්නේ පොදු මහ ජනතාවගේ හඬ බවත් එනිසා එම විවේචනයන්ට සාවධානව කන් දිය යුතු බවත් ඔහු පවසයි.

මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙත යා යුතු බව පවසන අමාත්‍යවරයා ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් අනාගතයේ පාරට බැසීමට වත් බැරි තත්ත්වයක් මතු වනු ඇති බවද කියා සිටියි.