― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගුරුභවතුන්ගේ වැටුප් සටන සාධාරණයි

ගුරුභවතුන්ගේ වැටුප් සටන සාධාරණයි

රු.කෝටි 6,900ක් සොයා ගැනීම ප්‍රායෝගිකව අසීරුයි

ඇමැති මහින්ද අමරවීර

ගුරු වැටුප් සම්බන්ධව ගුරුභවතුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ වුවත් ගුරු වැටුප් ගැටලුවට විසඳුම් දීමට නම් ආණ්ඩුව අවම වශයෙන් රුපියල් මිලියන 69000ක පමණ මුදලක් වාර්ෂිකව අලුතින් සොයා ගත යුතු බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ගුරු වැටුප් සම්බන්ධ සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුවේ සාමාජිකයකු වන පරිසර ඇමැතිවරයා පෙරේදා (11) පරිසර අමාතයංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බැව් පැවැසීය.

වැඩි දුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

“ගුරු වැටුප් සම්බන්ධව ගුරුභවතුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණයි. රට වසංගත තත්ත්වයකට මුහුණ පා ඇති අවස්ථාවක හා ආර්ථික වශයෙන් කඩා වැටීමක් පවතින අවස්ථාවක රුපියල් මිලියන 69000ක මුදලක් සපයා ගැනීම ප්‍රායෝගිකව අසීරු බව ගුරුභවතුන් පිළිගන්නා කාරණයක්. එහෙත් ගුරු සංගම් සමඟ සාකච්ඡා කර අදියර කිහිපයක් අනුව හෝ එය ලබා දීමට එකඟත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඇතැම් ගුරුවරුන්ගේ වැටුපට වඩා වැඩි වැටුපක් එම පාසල්වල සේවය කරන වෙනත් සේවකයන් ලබා ගන්නවා. ගුරු වැටුප් විසමතා පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද සිව් පුද්ගල අැමැති කමිටුව මේ වනවිට දුරකතන සාකච්ඡා මඟින් කරුණු විමසුවා. එමෙන්ම සියළු ගුරු සංගම් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත බැවින් ලබන අැමැති මණ්ඩල රැස්වීමට වාර්තාවක් ඉදිරිපත් කිරීමට උපරිම උත්සාහයක් ගන්නවා.

කෙසේ වුවද මෙම අැමැති මණ්ඩල හමුවට වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඊළඟ වාරයේ දී අනිවාර්යෙන්ම එම වාර්තාව ඉදිරිපත් කිරීම කමිටුවේ අපේක්ෂාවයි.”

බුද්ධිකා ඉඹුලාන