30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalමාතලෙන් ලෝක වාර්තාවක්

මාතලෙන් ලෝක වාර්තාවක්

අඩි හයක ගැඹුරු වලක, පැයක් ගත කර ලෝක වාර්තාවක් තැබූ තරුණයෙකු ගැන මාතලෙන් වාර්තාවේ.

අඩි හයක් ගැඹුරු වලක වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් වසා ඊට උඩින් ගින්දර දමා පැයක පමණ කාලයක් වල යට සිටිමින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

ඊයේ (09) දින රාත්‍රී මාතලේ නගර මධ්‍යයේ දී මෙම ලෝක වාර්තාව තැබීමට සමත් ව ඇත්තේ මාතලේ ගොන්ගාවිල පාර පදිංචි 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති තරුණයෙකි.

ඔහු ඉන්දියාවේ ලෝක වාර්තා කමිටුවක සහයෝගය ලබාගෙන රටවල් 27ක ලෝක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනයේ අධීක්ෂණය යටතේ පැයක පමණ කාලයක් මේ ආකාරයෙන් වල යට රැඳී සිටිමින් තම ශක්තිය ලොවට පෙන්වා ලෝක වාර්තාව ලබා ගත්තේය.

මාතලේ මන්දන්ඩාවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක මෙම බිහිසුණු අදත්දැකීම් සහිත ලෝක වාර්තාවට සූදානම් කොට තිබුණි. සර්ව ආගමික වත් වතාවත් ඉෂ්ඨ සිද්ධ කරමින් මෙම තරුණයා ලෝක වාර්තාව පිහිටුවීම සඳහා සූදානම් වීම විශේෂත්වයකි.

මෙහිද දී අඩි හයක වලක් කපා ඒ යට රාත්‍රී ක්‍රියාත්මක වන ආරක්ෂිත කැමරා දෙකක් සවි කොට වල යට භාවනා යෝගීව වාඩිවී සිටිය දී වල මත මෙසේ ලෑලි දමා පස්වලින් සම්පූර්ණයෙන්ම වසා දමා ඒ උඩ දරසෑයක් සකසා පැයක පමණ කාලයක් එක දිගට භූමිතෙල් වත් කරමින් එම දරසෑය ගිනි තැබීම සිදු කර තිබේ.

එම ස්ථානයේ සවි කොට ඇති පුළුල් තිරයක පැයක පමණ කාලය ගෙවී යන ආකාරය නැරඹීම සඳහා පැමිණි ප්‍රදර්ශනය කර තිබිණි. එමෙන්ම වල ඇතුලේ ඔහු සිටින ආකාරය පිළිබඳව අධික්ෂණ කමිටුව දැක බලා ගැනීම සඳහා වෙන්ම ස්ථානයක නිරීක්ෂණය ට සුදානම් කොට තිබිණි.

මීට පෙර ගිනි දැල්වීම කින් තොරව මෙයාකාරයෙන් වලක් යට පැය භාකයකට අඩු කාලයක් සිටිමින් වෙනත් රටක අයකු ලෝක වාර්තාව පිහිටුවා තිබිණි.

එම වාර්තාව බිඳ හෙළමින් ගිනි දැල් දල්වා පැයක කාලය අවසනවසන් වීමත් සමඟ නැරඹීම සඳහා පැමිණ සිටි විශාල ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේ මාතලේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් ගේ සහයෝගයෙන් ගින්දර නිවා දමා වල යට සිටි මෙම තරුණයා ගොඩ ගැනීම සිදුවිය.

ගොඩට එනවා සමග විශාල ජනතාවක් අත්පොලසන් දෙමින් ප්‍රීතිඝෝෂා නගන්නට වූහ.

ලෝක වාර්තාව තැබීම සඳහා වූ සහතික සම්මානය රටවල් කිහිපයකින් පැමින සිටී ලෝක වාර්තා කමිටුව විසින් එම අවස්ථාවේදී ම ඔහුට ලබා දීම සිදු කළහ.