27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsචීනයේ ඔමික්‍රෝන් යළි හිස ඔසවයි

චීනයේ ඔමික්‍රෝන් යළි හිස ඔසවයි

චීනයේ පළාත් කිහිපයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශීත ඝෘතු ඔලිම්පික් උළෙල ඇරඹීමට තවත් ඇත්තේ සතියක් පමණ කාලයක් වන අතර ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවීම පිළිබද චීන බලධාරීන් තුළ යම් කැලඹීමක් ඇතිවී තිබේ.

එරට පළමුව ඔමික්‍රෝන් ආසාදිතයින් ටියැන්ජින් නම් වරාය නගරයෙන් හමු විය. මේ වනවිට හෙනන් පළාතෙන්ද ආසාදිතයින් වාර්තා වෙමින් පවතී.

ටියැන්ජින් නගරයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවීමෙන් අනතුරුව එම නගරයේ වෙසෙන 1.4ක් වූ මුළු ජනගහණයම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට බලධාරීන් කටයුතු කළේය.

සති අන්තයේ එම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් 24 දෙනෙක් ළමුන් ය.