29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews2015දී අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා

2015දී අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා

සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු නොවන අයෙකු කිසිසේත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකරන බව තිස්ස අත්තනායක පවසයි.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

“සමගි ජන බලවේගය කිසිම අවස්ථාවක එම පක්ෂයේ සාමාජිකයකු නොවන අයකු පොදු අපේක්ෂකයෙකු හැටියට ඉදිරිපත් කරන්නේ නැහැ . 2015 වසරේදී අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා. එම වසරේදී යහපාලනයක් බිහි කිරීම සඳහා ගෙනා පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයට අත්කර දුන් ඉරණම ගැන මේ රටේ ජනතාවට තාම මතකයි. ඒ නිසා සමගි ජන බලවේගය නායකත්වයෙන් පමණයි ඊළඟ අපේක්ෂකයා නිර්මාණය වන්නේ.

සමගි ජන බලවේගය පක්ෂය ඕනෑම දේශපාලන පක්ෂයකට විවෘතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂයකට එකතු විය හැකියි. බිඳ වැටුණ රට නැවත ගොඩගැනීම සඳහා එකම වැඩපිළිවෙළක් යටතේ ඔවුන්ට එකතු විය හැකියි. ජනතාවගේ හදවතේ මේ රජය දැන් නැහැ. ව්‍යවස්ථාමය තත්ත්වයක් මත මේ රජය රැකුණත් ජනමතයේ මේ ආණ්ඩුව රැඳී නැහැ.”