― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalදේශීය ටින් මාළු කර්මාන්තය නැංවීමට පියවර ගැනේ

දේශීය ටින් මාළු කර්මාන්තය නැංවීමට පියවර ගැනේ

දේශීය ටින් මාළු කර්මාන්තයට බලපා ඇති ගැටලු හා දේශීය ටින් මාළු පාරිභෝගිකයන් තුළ භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් ටින් මාළු කර්මාන්තකරුවන්ට බලපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ .(21 ) ධීවර අමාත්‍යංශයේ දී සිදු විය.

මෙම සාකච්ඡාවේදී දැනට ලංකාවේ ටින් මාළු කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් අදහස් දක්වමින් පවසා සිටියේ රට තුළ පවත්වාගෙන යන ටින්මාළු කර්මාන්තශාලා 22ක් පවතින බවත් ඉන් 12ක් පමණක් නිසි ප්‍රමිතියෙන් යුක්තව SLS තත්ත්ව සහතිකය යටතේ ටින් මාළු අළෙවි කරන බවත්ය. තවද කර්මාන්තශාලා 04ක් ප්‍රමිති සහතිකය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අතර තවත් කර්මාන්තශාලා 06 ක් කිසිදු ප්‍රමිතියකින් තොරව වෙළෙද පොලට ටින් මාලු අළෙවි කිරීම සිදුකර ගෙන යන බවත්ය. මේ හේතුව නිසා පාරිභෝගික ජනතාව තුළ දේශීය ටින් මාළු සඳහා පවතින ඉල්ලුම පහළ බැස ඇති අතර මේ සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ප්‍රකාශ කරන ලදී.

තවද විදේශ රටවලින් ටින් මාලු ආනයනය කිරීම තුළ දේශීය කර්මාන්තය යම් පසුබෑමකට ලක්ව ඇති අතරම මේ සඳහා ධීවර අමාත්‍යංශය යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අවධාරණය කළේය.