― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමේ ආණ්ඩුව තියෙනකන් රටට ගොඩ ඒමක් නැහැ

මේ ආණ්ඩුව තියෙනකන් රටට ගොඩ ඒමක් නැහැ

බංකොලොත් තත්ත්වයට පත්ව ඇති අපේ රට මෙම රජයට යථා තත්ත්වයට පත් කළ නොහැකි බවත් වත්මන් ආණ්ඩුව පවතින තුරු රට ගොඩ නොයන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපේ රට බංකොලොත් රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අපේ රට ලෝකයේ විවිධ රටවලින් ණය අරන් තියෙනවා. ඒ වුණත් අද වෙද්දි අපිට ඒ ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ, ඉන්ධන, ආහාර ගන්නවත් අපි ළඟ අද සල්ලි නැහැ. මේ නිසා රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.

ජීවන වියදම ඉහළ ගිහින් ජනතාවගේ ජීවනෝපාය ප්‍රශ්නයකට ලක් වෙලා තිබෙනවා. විරැකියාව වැඩිවෙලා. තියෙන කර්මාන්තත් කොට උඩ. කොයි වෙලේ රස්සා නැතිවෙයිද කියන අවිනිශ්චිත තත්වයක් උඩයි අපි මේ ඉන්නේ. රටේ මන්දපෝෂණ ප්‍රශ්නය බරපතළ තත්ත්වයකට පත්වෙලා. ළමුන් ලක්ෂයක් මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිටින බව දත්ත වාර්තා පෙන්වා දී තිබෙනවා.

ජනතාවගෙන් සියයට 50කට වේල් තුනම කන්න බැහැ. රටේ දුප්පත්කම වැඩිවෙලා. දරුවන්ගේ පොත්පත්, පොත්පත් මිලදී ගැනීමට නොහැකිව දෙමාපියන් ලතැවෙනවා. ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට තර්ම්වත් ප්‍රමාණවත් මුදලක් නැහැ. රටේ සියලුම දෙපාර්තමේන්තු අක්‍රියයි. අද රටේ දූෂණයට වග කියන්න ඕනෑ දේශපාලනඥයන්.