― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෝලි පහළ දමා රූට් උඩ යයි

කෝලි පහළ දමා රූට් උඩ යයි

අයිසීසී නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලදී ඉන්දීය නායක විරාට් කෝලි පහළට ඇද දමමින් සිව්වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් සමත්ව තිබේ.

දෙරට අතර, ආරම්භ වූ තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් මෙලෙස රූට් සිව්වැනි ස්ථානයට පත් වූයේ ඒ වන තුරු එම ස්ථානයේ සිටි කෝලි 5 වැනි ස්ථානයට දමමිනි. මේ තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේදී ලකුණු 64ක් රැස් කළ රූට් දෙවැනි ඉනිමේදී ලකුණු 109ක් රැස් කිරීමට සමත් විය.

පළමු ඉනිමේදී කෝලි ලකුණු රැස් කිරීමට පෙර දැවී ගිය අතර, දෙවැනි ඉනිමේදී පන්දුවකට පහරදීමට අවස්ථාවක් ඉන්දීය පිලට හිමි නොවිණි.

කෙසේ වෙතත් තව දුරටත් මෙහි පෙරමුණ රැක ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත්ව ඇති අතර, දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්ටත්, එම කණ්ඩායමේම මර්නස් ලබුෂ්චෙන්ට තෙවැනි ස්ථානයත් හිමිව තිබේ.

ඉන්දියාවේ අජින්ක්‍යා රහානේ (14) ස්ථානයක් පහළ යෑම හේතුවෙන් නවසීලන්ත පිතිකරු රොස් ටේලර් 13 වැනි ස්ථානයට පත්ව ඇති අතර, ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න 12 වැනි ස්ථානයේ පසු වෙයි.

එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එම කණ්ඩායමේම ස්ටුවර්ට් බ්‍රෝඩ් 8 වැනි ස්ථානය දක්වා පහත දමමිනි.

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ස්ථාන 9ක් ඉදිරියට එමින් මුල් පන්දු යවන්නන් 10 දෙනා අතරට යළි පැමිණීම ද විශේෂත්වයකි.

මේ අතර, විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් බංග්ලාදේශ ක්‍රීඩ ශකිබ් අල් හසන් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර, පෙරමුණ ගැනීමට සමත්ව තිබෙන්නේ ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබී දෙවැනි තැනට ඇද දමමිනි.