― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWeather1600කට උන්හිටි තැන් අහිමි කළ අයහපත් කාලගුණය

1600කට උන්හිටි තැන් අහිමි කළ අයහපත් කාලගුණය

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1600කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙහිදී එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 109කට අර්ධ හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

මේ අතර දිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වන අතර මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය එම දිස්ත්‍රික්ක 04ට අයත්.

මෙම වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ මේ වනවිට ප්‍රධාන ජලාශ 15ක් වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම දැඳුරු ඔය ගංවතුර තත්ත්වය පහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අද (26) උදෑසන වනවිට දැඳුරු ඔය ජලාශයේ ගේට්ටු 06ක් අඩි 04 බැඟින් විවෘත කර ඇති අතර අනෙක් ගේට්ටු 02 අඩි 05 බැඟින් විවෘත කර ඇති බවයි වාර්තා වුණේ. මේ හේතුවෙන් පුත්තලම හා හලාවත යන ප්‍රදේශවල ජනතාවට ජනතාව දැඩිව විමසිලිමත්ව පසුවන ලෙසද දැනුම් දෙනවා.