24 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආසියා බොක්සිං වළල්ලට යන හොරණ පසිඳු උමයංග

ආසියා බොක්සිං වළල්ලට යන හොරණ පසිඳු උමයංග

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී මේ මස 17 වැනිදා ආරම්භ වන ආසියා තරුණ හා කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හොරණ විද්‍යාරත්න බොක්සිං ක්‍රීඩා සමාජයේ පසිඳු උමයංග මිහිරාන්ට හිමිව ඇත. මේ වන විට කොළඹ නාලන්ද විදුහලේ උසස් පෙළ හදාරන පසිඳු 2019 වසරේදී මෙරට දක්ෂතම කනිෂ්ඨ බොක්සිං ශූරයාට හිමි රන් පදක්කම දිනා ගත් විශිෂ්ට යොවුන් ක්‍රීඩකයෙකි.

ආසියා කනිෂ්ඨ බොක්සිං වළල්ලේදී රන් පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දීමේ බලාපොරොත්තුවෙන් පසු වන පසිඳු ජාතික තලයේ විශිෂ්ට ක්‍රීඩකයකු බවට පත් වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ මූලික අධ්‍යාපනය ලැබූ මේ ක්‍රීඩකයා එහි බොක්සිං පුහුණුකරු අමිල අරවින්ද තිසේරා මහතා යටතේ 2013 වසර ආරම්භයේ සිට ක්‍රීඩාව ප්‍රගුණ කළ අතර, 2016 වසරේ කොළඹ මහානාම විද්‍යාලයේ පැවැති එල්.වී. ජයවීර බොක්සිං ශූරතාවලියේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

ඡායාරූපය කළුතර මධ්‍යම විශේෂ

කළුතර මධ්‍යම විශේෂ