30 C
Colombo
Sunday, May 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරුසියාවේ දෛනික වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි

රුසියාවේ දෛනික වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි

රුසියාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ(12) වාර්තා විය. එම සංඛ්‍යාව 808කි.
 
ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එරට හඳුනාගැ‍නෙන ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
 
රුසියාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 21, 932දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ. එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වන විට හැටපන්ලක්‍ෂ තිස්හතර දහස ඉක්මවා ගොස් ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. 
 
රුසියාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්‍ෂ හැට අට දහසකට අධිකය.