26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් ඖෂධ වර්ග පිළිබඳ නව අධ්‍යයනයක්

කොවිඩ් ඖෂධ වර්ග පිළිබඳ නව අධ්‍යයනයක්

කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර කළ හැකි ඖෂධ වර්ග 03ක් පිළිබඳ නව අධ්‍යයනයක් ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් 52ක මෙම සායනික අත්හදා බැලීම් සිදු කිරීමට තීරණය කර තිබේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් මේ පිළිබඳ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත. 
 
ඒ අනුව මැලේරියාව, පිළිකාව වැනි රෝග මර්ධනයට යොදා ගන්නා ඖෂධයක්, ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ආබාධ සදහා ලබා දෙන ඖෂධයක් අධ්‍යයනයට යොදා ගෙන තිබේ. 
 
මීට පෙර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අධ්‍යයන මට්ටමේ පැවති රෙම්ඩෙසිවිර්, හයිඩොක්සික් ලොරොක්වීන් වැනි ඖෂධ කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට යොමු වී ඇත. එහෙත් එම ඖෂධවලින් රෝගීන්ට යහපත් ප්‍රතිඵල නොලැබීම නිසා නව ඖෂධ අධ්‍යයනයට යොදා ගෙන තිබේ.