29 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඡන්දෙට කලින් ඇමති අමරවීර රජයෙන් කළ ඉල්ලීම

ඡන්දෙට කලින් ඇමති අමරවීර රජයෙන් කළ ඉල්ලීම

මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන් රජයෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සාධාරණ මිලකට ගොවීන්ගේ වී මිලදී ගෙන පාරිභෝගිකයන්ට ද සහන සැලසූ පසුව ඕනෑම වේලාවක මැතිවරණය පවත්වන ලෙස අමාත්‍යවරයා කීය.

මැතිවරණ ඉල්ලන්නේ ජනතාව නොව දේශපාලන පක්ෂ බව කී අමාත්‍යවරයා ජනතාව ඉල්ලන්නේ ජීවන වියදම අඩු කිරීම බවද රජයේ අරමුණ වන්නේ ජනතා ඉල්ලීම ඉටු කිරීම බව ද බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.