26 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආර්ථිකය ද? ජීවිත ද? ආණ්ඩුව තීරණයක් ගත යුතුයි

ආර්ථිකය ද? ජීවිත ද? ආණ්ඩුව තීරණයක් ගත යුතුයි

රට පත්ව ඇති බරපතළ තත්ත්වය හමුවේ ආණ්ඩුව තීන්දු කළ යුත්තේ ‘ආර්ථිකයද, ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය ඔක්සිජන් ද’යන කරුණු දෙකෙන් එකක් බවත්, වහාම රට වසා දමනවා හැර මේ මොහොතේ ජනතාව ජීවත් කරවීමට කිසිදු විකල්පයක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) පැවසීය.

රට සහ ජනතාව සුරක්ෂිත කිරීමට හය වැදෑරුම් ප්‍රකාශයක් ඊයේ (13) ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවැසුවේ

දෙඹරවැව, තිස්සමහාරාම, ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරයේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මූලික පිරිවෙනේ පරිවෙණාධිපති සාලියපුර සුධර්ශන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලැබීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදීය.

ආර්ථිකය ද? ජීවිතද? වහාම රට වසා දමනු!, සමඟි ජනබලවේග මන්ත්‍රී අරමුදල, තුන්වැනි එන්නත වහාම ගෙන්වීම, ගෑස්මිල වැඩි කිරීමේ අමානුෂික තීන්දුව, සජබ කණ්ඩායම් රැස්වීම අවලංගු කිරීම, මිත්‍යාව වෙනුවට රටට ඇත්ත කියන්න යන මේ කරුණු 6ට අදාළව ඒ මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. මේ ව්‍යසනයෙන් ජීවිත බේරා ගැනීම කාටත් පැවරී ඇති වගකීම බවත්, ඉන් පසු ආර්ථිකය ගැන සිතිය හැකි බවත් විපක්ෂ නායකවරයා කීවේය.

‘එන්නත් තුන්වැනි මාත්‍රාව‘ කඩිනමින්ම ඇණවුම් කළ යුතු බව කී ඒ මහතා, මේ වනවිටත් එන්නත් නොලද සියලු දෙනාම එන්නත්කරණය කිරීමේ වැදගත්ම පිළිබඳ ද අදහස් පළ කළේය.

මේ දැඩි ව්‍යසනකාරි මොහොතේ ගෑස් මිල ඉහළ නංවා ඒ බර ජනතාව පිට පැටවීමට ආණ්ඩුව ගත් අමානුෂික තීන්දුව පිළිබඳ සිය බලවත් විරෝධය පළ කළ විපක්ෂ නායකවරයා වහාම ගෑස් මිල අඩුකොට ජනතාවට සහන සැලසිය යුතු බවද කීවේය.

ආණ්ඩුව වහාම මේ මොහොතේ රටේ පවත්නා ඇත්ත තත්ත්වය රටට හෙළිදරව් කළ යුතු බවත් එසේ නොකර ජනතාවට අසත්‍ය සහ මිත්‍යාව ඉදිරිපත් කිරීම ආණ්ඩුව නතර කළ යුතු බවත් ඒ මහතා පැවසීය. ආණ්ඩුව තමන්ට සුපුරුදු නාගයින් වැඩම කිරීම, පැණි ප්‍රචාරණය, මුට්ටි ගඟට දැමීම වැනි මිත්‍යාවන්ගෙන් මිදී සත්‍ය ජනතාවට කිව යුතු බවද කීවේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්