― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsHealthමීළඟ කොවිඩ් රැල්ල දරුණු විය හැකියි - උපුල් රෝහණ

මීළඟ කොවිඩ් රැල්ල දරුණු විය හැකියි – උපුල් රෝහණ

වර්තමානයේ පවතින තත්ත්වය අනුව ඉදිරියේදී රට තුළ නැවත වතාවක් කොවිඩ් රැල්ලක් නිර්මාණය වුවහොත් එය වඩාත් දරුණු විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවනවා.

රට තුළ පවතින ඖෂධ සහ නිලධාරී හිඟය එම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ මේවන විට රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් මෙන්ම මරණ වැඩි වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකාව තුළ යළිත් වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත් පාලනය කර ගැනීම අසීරු වන බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළා. සෞඛ්‍ය සේවාවල බිඳ වැටීම, ඖෂධ, රෝහල්වල පහසුකම් හිඟය මෙන්ම සේවක හිගය සමග විකල්පයක් හෝ පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවනු නඇති බවයි ඔහු අනතරු අඟවන්නේ.

මේ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තියක් සිදුවුවහොත් අවාසනාවන්ත තත්ත්වයක් මතුවන අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් බිම් මට්ටමේ පහසුකම් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ.