31 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපුතාගේ විවාහ මංගල්‍යය අවලංගු කළ සුදර්ශනීඇමැතිවරිය ගැන ආඩම්බර වෙනවා

පුතාගේ විවාහ මංගල්‍යය අවලංගු කළ සුදර්ශනීඇමැතිවරිය ගැන ආඩම්බර වෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

වසංගතයක් පවතින මොහොතේ තම පුතාගේ විවාහ මංගල්‍යය අවලංගු කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය ගැන ආඩම්බර වන බව සමඟිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඊයේ (13) පැවැසීය

ඒ මහතා මෙි බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ අදහස් දැක්වමිනි.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

දැන් ඉන්න නායකයන් රටට ආදරේ කරන්නේ නැති අවස්ථාවක එතුමිය මේ තීන්දුව ගැනීම ගැන ඉතාමත් සතුටු වෙනවා. මේ ආණ්ඩුවේ බල්ටි නැති විසිල් විතරක් තිබෙනවා. මේ ආණ්ඩුව තනිකරම ගෙවල්වලට ගිහිල්ලා පරණ යකඩ බඩු එකතු කරන වෙළෙන්දෙක් වගේ. එම වෙළෙන්දන් ගෙවල්වලට ගිහින් ගන්නේ පරණ බඩු නොවෙයි.

ගෙදර අයව කොහොම හරි රවට්ටලා තිබෙන හොඳ බඩු අරගෙන ඇවිත් නැවත ඔප දාලා අලුත් විදිහට විකුණනවා .එම අය යන්නේ පොඩි ස්පීකරයක් බැඳගෙන පරණ බඩු ගන්නවා අලුත් බඩු දෙනවා කියලා. මේ ආණ්ඩුවත් අද ක්‍රියා කරන්නේ ඒ ආකාරයටයි.