25.6 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල් හමුදාපති, ත්‍රිවිධ හමුදාව විවේචනය කළේ නැහැ

රනිල් හමුදාපති, ත්‍රිවිධ හමුදාව විවේචනය කළේ නැහැ

එක්සත් ජාතික පක්ෂයේ සභාපති

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් ත්‍රිවිධ හමුදාව විවේචනය කිරීමක් හෝ යුධ හමුදාවේ කාර්යභාරය ගැන කතා නොකළ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අැමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.

මාධ්‍ය වෙත ඊයේ (13) අදහස් දක්වමින් අබේවර්ධන මහතා මේ බව සඳහන් කෙළේය.

යුධ හමුදාපතිතුමාගේ ප්‍රකාශය ගැන මා කණගාටුවට පත් වෙනවා. ඔබ හෝ මම එන්නත් ලබා ගත්තේ කොහෙන්ද කියන එක සෞඛ්‍ය නීතී රීතීවලට අනුව ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. ඒක රෝගියාගේ තිබෙන අයිතිවාසිකමක්. පරිපාලන කටයුතු හැටියට කල්පනා කර බැලුවම වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්ත අනුව ඒ ප්‍රකාශය ඉතාම බාලාංශ ප්‍රකාශයක් ලෙසයි මා දකින්නේ. ඒ වගේම අප තවත් එක් කාරණයක් මතක තබා ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා කතා කළේ එන්නත් ලබාදෙන ස්ථාන ගැන හෝ යුධ හමුදාවේ යම් කාර්යභාරයක් ගැන නොවේ. එතුමන්ගේ ඒ ප්‍රකාශය වරදවා වටහා ගත යුතු නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතා කළේ කොරෝනා ව්‍යසනය හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් මෙවැනි සෞඛ්‍ය පරිපාලනමය කටයුත්තක් ජාතික වශයෙන් ක්‍රියාවට නැංවීමේදී අනුගමනය කරන ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාවත් අනුගමනය කළ යුතු බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ නීතී -රීතීවලට අනුව කටයුතු කරන ලෙසයි. වෛද්‍යවරු 22,000ක් සිටින මේ රටේ එක් වෛද්‍යවරයෙක් දිනකට පුද්ගලයින් 3000කට එන්නත් ලබා දුන්නොත්, හෙද හෙදියන් 45,000ක් සිටින මේ රටේ එක් හෙදියක් පුද්ගලයින් 3000කට එන්නත් ලබා දුන්නොත් මේ ප්‍රශ්නය සමාප්ත කළ හැකියි. මේ ක්‍රියාවලිය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය මුළුමනින්ම අකර්මන්‍ය කර තිබෙනවා. එය වැරදියි. ඒ පිළිබඳව තමා එතුමා කතා කළේ. නමුත් මේ ප්‍රකාශය වැරදි ලෙස අවබෝධ කරගෙනයි යුධ හමුදාපතිවරයා අදහස් ප්‍රකාශ කර කළේ.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කතාවෙන් ත්‍රිවිධ හමුදාව කිසිවිටකත් විවේචනය කළේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවේදීත් එතුමා ත්‍රවිධ හමුදාව විවේචනය කළේ නැහැ. වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අපගේ හොඳ මිත්‍රයෙක්. මා ස්වදේශ කටයුතු ඇමැතිවරයාව සිටියදී නිදහස් උත්සව ගණනාවක් අප එකට එකතු වී සංවිධානය කර තිබෙනවා.

ශිරෝමි අබයසිංහ