27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealth2023 වසරේ පළමු සතියේදී ඩෙංගු රෝගීන් 2,142ක්

2023 වසරේ පළමු සතියේදී ඩෙංගු රෝගීන් 2,142ක්

2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය 02 වැණිදා සිට 07 වැනිදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 440කි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 433ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 273ක්, කල්මුණේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 147ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගින් 128ක්, කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවලින්ද සියයට අධික ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.