විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අදින් පසුව (17) ලබා නො දෙන බව අමාත්‍යවරයා පවසයි. ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලි බලාගාර කිහිපයක්ම ගිය සතියේ නතර වූ අතර ඒවා යථා තත්ත්යට පත්කර ගැනීමට ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකකදී ලබා දුන් බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.
ඩොලර් ලබාදුන් පසුවද ඉන්ධන ආනයනය සඳහා සතියක පමණ කාලයක් ගතවන බවත් විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව නොමැති බවත් හෙතෙම වඩුදුරටත් අවධාරණය කරයි.
දැනට ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග විදුලිය නිෂ්පාදනයට ලබා දුන හොත් ඉදිරි සතියකින් පමණ මෙරට දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා නිකුත් කිරීමට ඉන්ධන තොග නැතිව යන බවත් අමාත්‍යවරයා කියා සිටියි.
ඒ අනුව දැනට ඉතිරි ව ඇත්තේ පැහැදිලි විකල්ප දෙකක් පමණක් බව පවසන ඔහු පෙන්වා දෙන්නේ එක්කෝ විදුලිය නිෂ්පාදනය කර ජනතාව පයින් ගමන හුරුවිය යුතු බව හෝ නැතිනම් පැය කිහිපයක් අඳුරේ සිට නිසි කළමනාකරණයකින් යුතුව එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම බවයි.
කෙසේ වෙතත් දිනකට පැය දෙක තුනක් විදුලිය කපා හැර මේ තත්ත්වය කළමනාකරණය කරගත හැකි වුවද රථවාහන අවශ්‍යතා සඳහා එවැනි විකල්ප වැඩපිලිවෙළක් කරා යොමු වීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.