― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසමහරුන්ට අපේ කටවල්වලට ඉබ්බා දාලා යතුර පොහොට්ටු කාර්යාලයේ දාන්න ආසාවක් තියෙනවා

සමහරුන්ට අපේ කටවල්වලට ඉබ්බා දාලා යතුර පොහොට්ටු කාර්යාලයේ දාන්න ආසාවක් තියෙනවා

සමහරුන්ට අපේ කටවල්වලට ඉබ්බා දාලා යතුර පොහොට්ටු කාර්යාලයේ දාන්න ආසාවක් තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (15) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

“ලංකාවේ අවුරුදු තිහක් විතර අපි කොච්චර කතා කළත් එකම ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක්වත් වංචාව, දූෂණය නිසා හිරේ ගිහින් නැහැ. අපේ පළාත් පාලන ආයතන අන්ත දූෂිතයි. සියයට අනූවක්ම. ඒ සියයට දහයත් හොයාගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. අද පළාත් පාලන ආයතනයකට ගියාම වැඩක් කර ගන්න සන්තෝසම් දෙන්න ඕනෑ. හොරකම, දූෂණය කියන එක ඉහවහා ගිහින් තියෙනවා. ආණ්ඩුව තුළ ඉඳගෙන අපි මේවා කතා කරනකොට අපි වට කරලා ආයේ ගහන්න පටන් අරන් තියෙනවා. ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි අපි කතා කරන්නේ. රටේ සිදුවන සිදුවීම් සහ ජනතාවට තියෙන පීඩාව ගැනයි අපි කතා කරන්නේ.

සමහර අයට ඕනෑ වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ටයි වැඩකරන අනිත් අයගේ කටවල්වලටයි ඉබ්බා දාලා ඉබ්බගේ යතුර අර බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයේ සේප්පුවේ දාන්න. හැබැයි අපේ කටවල්වලට ඉබ්බා දාන්න නම් කාටවත් පුළුවන් කමක් නැහැ. අපි ඇත්ත කතා කරනවා. අපි පක්ෂයක් විදියට ඉදිරියට යනවා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ කාර්යක්ෂමව සංවිධානය කරනවා. කිසිම බලවේගයකට අපි ඔළුව පාත් කරන්න ලෑස්ති නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආකර්ෂණය ජනතාව තුළ වැඩිවෙලා තියෙනවා. අනිත් දේශපාලන පක්ෂත් වැඩ කරනවා. පොහොට්ටුවත් පක්ෂයක් විධියට වැඩ කරනවා. ජවිපෙත් වැඩ කරනවා. සමගි ජනබලවේගයත් වැඩ කරනවා. අපි විතරක් සද්ද නැතිව කට වහගෙන ඉන්න ඕනෑ ඉබ්බෝ දාගෙන. එහෙම නීතියක් නැහැනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන දෙයක් තමයි පක්ෂයක් ගොඩනැගීමේදී දර්ශනය, පක්ෂයේ මතය කතා කරලා ඒ තුළ තමයි ජනතාව ඒකරාශි වෙන්නේ. පුද්ගලයෝ වටා නෙවෙයි. ඒ නිසා පුද්ගලයන්ගෙන් තොර ප්‍රතිපත්තියක් සැලැස්මක් දර්ශනයක් තුළ වැඩ කිරීමේදී බණ්ඩාරනායක මැතිතුමා දක්ෂ දේශපාලනඥයෙකු වගේම පඬිවරයෙක්, දාර්ශනිකයෙක්.

කම්මැළිකමට දේශපාලනය කරන්න බැහැ. වැඩිපුර දුවපු තරමට තමයි ප්‍රතිඵල තියෙන්නේ. ආණ්ඩුවේ කාලය දැන් අවුරුදු දෙකක් ගිහින් තියෙනවා. බොහෝ විට අනාගතයේ එන්න පුළුවන්. පළාත් සභා මැතිවරණය වෙන්නත් පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණය වෙන්නත් පුළුවන්. කුමන මැතිවරණයක් හෝ ජයග්‍රහණය කිරීමේ අරමුණු තුළයි අපි මේ යන්නේ.

අවුරුදු දහයේ දොළහේ දරුවෙක් එක්ක අද වැඩිහිටියෙකුට කතා කරන්න බැහැ. ඒ දරුවා ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ. අපි මේක තේරුම් ගන්න ඕනෑ. මේ රටේ උගත් පරපුර බලාපොරොත්තු වෙන ලෝකය මොකක්ද? අද රට හැරදාලා විශාල වශයෙන් යනවා. එය බරපතළ ප්‍රශ්නයක්. අන්තිමට මේ රටේ හොරු ටිකක් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. මේ තත්ත්වය දිගට ම ගියොත්. ඒ නිසා මෙතනින් රට ගලවාගන්න ඕනෑ රට බේරාගන්න ඕනෑ.”