ඔරු පැදීමේ හා ස්කොෂ් ක්‍රීඩාවන්ගෙන් අන්තර්ජාතික ජයග්‍රහණ හිමි කර ගැනීමේ අරමුණ ඇතිව එම ක්‍රීඩාවන්හි නිරත ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය හා ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩා සංගමය සමඟ ගිවිසුම්ගත වෙමින් ඔවුන්ට මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරයි.
ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා ශ්‍රවණාගාරයේදී අදාළ ගිවිසුම්වලට අත්සත් තැබීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය වෙනුවෙන් එහි සභාපති දිමුත් ගුණවර්ධන සහ ස්කොෂ් ක්‍රීඩා සංගමය වෙනුවෙන් එහි සභාපති සුරේන් කොහොඹන්ගේ මහත්වරුන් අතින් සිදු කෙරිණි.
මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා අන්තර්ජාතික ජයග්‍රහණ හිමි කර ගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන් අතරට මේ ඔරු පැදීමේ ක්‍රීඩාව සහ ස්කොෂ් ක්‍රීඩාව ද ඇතුළත් වූ අතර, ඒ හේතුවෙන් මේ ගිවිසුම්ගත වීම සිදු විය.
මේ ක්‍රීඩාවන්හි නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයට රුපියල් 42,143,294ක මුදලක් සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයට රුපියල් 52,400,900 මුදලක් මේ ගිවිසුම්වලට සමගාමීව ප්‍රදානය කෙරිණි.
මේ අවස්ථාවන් සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරිහු, ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය හා ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.