30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි වාහන ආනයනය සඳහා ප්‍රමුඛතාවක්

විදුලි වාහන ආනයනය සඳහා ප්‍රමුඛතාවක්


ඉදිරියේදී වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේදී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වූ අද (18) දින සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, එම වාහන සඳහා විදුලිය ලබා ගැනීමේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සැලසුම් කළ යුතු බවය.

“වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් සියයට 20ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් සියයට 70ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා සියයට 21 ක් පමණ වැයවෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ සියයට 4ක් පමණයි. ඉදිරියේ දී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි.”